The National Youth Federation 2025 .
ජාතික තරුණ සම්මේලනය 2025
දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් ජාතික මණ්ඩල නියෝජිතයින් පනස් දෙදෙනෙකු (52) පත් කිරීම 19 වන ජාතික මණ්ඩලය පත් කිරීමේ ජාතික තරුණ සමුළුව හා ඔවුන් ජාතික නායකයින් ලෙස හඳුන්වාදීම ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර තරුණ දිනය වන අගෝස්තු 12 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තරුණ තරුණියන් හා සම්භාවනීය සහභාගිකයන් 6000 කගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
මේ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මාධය හමුවක් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න සභා අධ්‍යක්ෂික ජනා සෙල්වරාසා යන මහත්ම මහත්මින් ගේ සහභාගීත්වයෙන් 2025.08.10 තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයෙ ඩන්කන් වයිට් ශ්‍රවනාගාරයේදී පැවැත්විය.
එහිදී මාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මෙසේ පැවසීය. " අපේ රටේ මේ Youth Club ජාතික සම්මේලනයේ ප්‍රධානම එක තමයි ජාතික මණ්ඩලය. ඒ සඳහා ඉතිසාහයේ පළමු වරට අපේ රටේ තරුණ කාන්තාවන් 16 දෙනෙක් තේරිලා තියෙනවා. එවගේම දිස්ත්‍රික් සමුළු වලට දිස්ත්‍රික් බලමණ්ඩල වලට කාන්තාව 159 දෙනෙකු තේරිලා තියෙනවා. ඒක සුභවාදී ලක්ෂණයක්. නාගරික තරුණයා කියන කොටසින් වසර හතකට පසුව තමයි තරුණියන් මේ වගකීම ගන්නේ. දේශපාලන සමාජීය සංස්කෘතික වශයෙන් අපේ රටේ තරුණ පරම්පරාව සන්නද්ධ කරන්න විවිධ ව්‍යාපෘති විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කරලා තියෙනවා. එහි එක කටයුත්තක් තමයි ජාතික තරුණ දිනයේ සිට ජාත්‍යන්තර තරුණ දිනය දක්වා ලංකාව පුරා Youth club තරුණ තරුණියන් එකතු කරන්න අප සැලසුම් කරගෙන තිබුණේ. 12දා සුගතදාස ක්‍රීඩාංගනයේ ජාතික සම්මේනය ක්‍රියාත්මක කරන්න දැන් සැලසුම් කරගෙන යනවා. වසර තිස් දෙකකින් පුරා මෙවැනි ජාතික සම්මේලන කරලා තිබුනේ නෑ. "
ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න එහිදී මෙසේ පැවසීය." මේ සමුළුවේදී අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන්න. ලංකාවේ යූත් club වල ප්‍රාදේශීය සම්මේලන වල නිලතල හොබවන තරුණ තරුණියන් හය දහසක් මේ සඳහා සහභාගි වීමට නියමිතයි. දකුණු ආසියාවේ විශාලතම තරුණ ස්වේච්ඡා සංවිධානයේ නායකත්වය හොබවන තරුණ තරුණියන් ඉන් අනතුරුව රටේ සංවර්ධන කාරියට වැඩ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තුු වෙනවා"
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ප්‍රථම යෞවන සමාජය " නිවහල් තරුණ සමාජය නමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල (දැදිගම) අල්ගම ග්‍රාම නිලධාරි වසමේ 1979 ජුනි 03 දින පිහිටුවා ඇති අතර 1983 මැයි 23 වන දින ප්‍රථම ජාතික තරුණ සම්මේලනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ස්ථාපිත කර ඇත.
1983 සිට අඛණ්ඩව 1993 දක්වා ජාතික මණ්ඩලය පත් කිරීමේ ජාතික තරුණ සම්මේලනය හෙවත් ජාතික තරුණ සමුළුව පවත්වා ඇත. එතැන් සිට මේ දක්වා පුරා වසර 32 ක් ජාතික තරුණ සම්මේලනය නොපවත්වා ජාතික මණ්ඩලය පැවැත්වීමෙන් යෞවන සමාජ සාමාජිකයන්ට ජාතික තරුණ සම්මේලනයකට සහභාගී වීමේ අයිතිවාසිකම් අහිමි කර ඇති අතර, වසර 43 ක් එකම ව්‍යවස්ථාවක කටයුතු කිරීම තුළ තරුණ තරුණියන්ගේ කාලීන අවශ්‍යතා මත කටයුතු කිරීමේ අවකාශය ඇහිරි ඇත.
මෙවර ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයට විධිමත් පරිදි ජාතික මණ්ඩලයක් පත් කිරීම සඳහා Connect - 2025 Youth Clubs පිහිටුවීමේ වැඩසටහන 2025 මැයි 23 වන දින එනම්, ජාතික තරුණ දින ආරම්භ කර 2025 ජුලි 31 දින අවසන් කර ඇත. ජාතික තරුණ සේවා සභාව යෞවන සමාජ පිහිටුවීම තරුණ තරුණියන් තුළ ආකර්ශණීයව සිදු කිරීම සඳහා විවිධ තේමාවන් පසුගිය වසරවල හඳුන්වා දී තිබුණි. ඒ අනුව. වර්තමාන රජය Connect - 2025 Youth Clubs තේමාව යටතේ " සෑම ග්‍රාම නිලධාරි වසමකටම එක් යෞවන සමාජයක් ' සංකල්පය යටතේ Youth Clubs 12814ක් පිහිටුවා ඇත. මේ සඳහා 300000 කට අධික සාමාජිකත්වයක් ලබා ඇති අතර, ප්‍රාදේශීය සම්මේලන 340 ක් හා දිස්ත්‍රික් සම්මේලන 26 ක් පවත්වා මේ වන විට අවසන් කර ඇත.
මෙවර වැඩපිළිවෙළ යටතේ යෞවන සමාජ වටා වැඩි තරුණ පිරිසක් ඒකරාශී වීම මත වැඩි තරුණ ආකර්ශනයක් හා තරඟකාරිත්වයක් ලැබී තිබීම දැක ගත හැකිය.
මෙහි සඳහන් සියලුම ක්‍රියාවලීන් යෞවන සමාජ ව්‍යවස්ථාවට අනුව තත්කාලීනව ඉදිරිපත් කරනු ලබන චක්‍ර ලේඛණ මඟින් නීත්‍යානුකූලව ක්‍රියාත්මක කර ඇත.
Comments
Post a Comment